Pages

Tuesday, July 12, 2011

ලංකාවේ බස්වල සීඝ්‍ර කඩාවැටීමක් වාර්ථාමය වැඩසටහන ඇතුලු ටුඩේස් බාකිං නිවුස්

පසුගිය දිනවල බස් සේවයේ ඇතිවූ සීඝ්‍ර කඩාවැටීම පිලිබද හේතු සෙවීම සදහා පත්කල කමිටුවේ අවසන් වාර්ථාව මේවනවිට අපි අතට ලැබී ඇත ‍මේ ඒ පිලිබදව ගෙන එන වාර්ථාමය වැඩසටහනකි

බස් වලට වුනේ මොකක්ද?



පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ බස් ඉතා සාර්ථක අන්දමින් ජනප්‍රිය වූ අතර එක්වරම එහි කඩාවැටීමක් දක්නට ලැබුනි මේ පිලිබද කල සමීක්ශනයකින් අපට පෙනීගියේ පසුගිය ජූලි 4වනදා රාත්‍රියේ සිට මේ තත්වය උදාවී ඇති බවයි.... මේ නිසාවෙන් පසුගිය ජූලි 4 වනදා සිදුවූ අත්බූත සිදුවීම කුමක්දැයි සොයා බැලූවිට අප‍ට දැනගන්නට ලැබුනේ ජූලි 4 වනදා රාත්‍රී 8.00ට අහස ගුගුරවාගෙන මහ පොලව දෙදරවාගෙන යම් දෙයක් සයිබර් අවකාශයට පැමිණෙන බවට කිහිප දෙනෙක් අනාවැකි පලකර ඇති බවයි.... මේ පිලිබදව එක් එක් අය නොයෙක් කතා කියා ඇති නමුත් සත්‍ය අනාවරනය කරගැනීමට අප සමත් විය....

සැබැවින්ම ජූලි 4වනදා රාත්‍රී 8.00ට සිදුවී ඇත්තේ බස් රේඩියෝව නව මුහුණුවරකින් ආරම්භ කිරීමය... මෙම බස් කඩාවැටීමට මූලික හේතුව වී ඇත්තේ මෙහි අලු‍තෙන් ඇති චැට් පහසුකම බව බොහෝදෙනාගේ අදහසයි.... මෙය ආරම්භකල දිනයේදී මෙහි චැට්එක ට්‍රැෆික් නිලදාරීන්ට හැරෙන්නටවත් ඉඩක් නොතබා ගිය බව මෙය ඇසින් දුටු අය අපට කිව්වෝය.....

තවද මේ හේතුවෙන් ලාංකීය බස් සේවාවේ ලේකම්, බස් පියා යන ගෞරව නාම වලින් පිදුම්ලත් වැප් නිශාන්ත තරුණයා පාට් ටයිම් ජොබ් එකක් ලෙසට පුවක් විකිනීම ආරම්භ කරඇති අතර මේ නිසාවෙන්ම ලංකාවේ බස් කර්මාන්තයේ අනාගතය කෙසේ වේදැයි යන්න පිලිබදව ගැටලු මතුවී ඇත.... මේවන විටත් වෙනදා දිනක් ඇතුලත කැඩුනු බස් දැන් දින දෙක තුන දාවනය වන බව පෙනේ....

(හදිස්සි විදුලි විසන්දිවීමක් හේතුවෙන් මෙම වැඩ සටහනේ ඉතිරි කොටස වාර්ථා කරගැනීමට නොහැකි විය)

ටිං ටොං ටෑං..... ඔබත් පවුල් දිවිය අසාර්ථක කරගත් කෙනෙක්ද පවුල් දිවිය සාර්ථක කරගැනීමට ඔන්ලයින් උපදෙස් සිතුවිලි නිහඩයි වෙතින්.... කැඩුනු පවුල් සුපර්ග්ලූ ගා හෝ එක්කරනු ලැබේ... ඔබත් අදම පැමිනේන්න

විරාමයකට පසු නැවතත් ඔබ බාකිං නිවුස් සමග.....

දින 21ක් තුල එස්.බී. මාමා රත්ගමයවත් වෙනස් කරයි

සයිබර් අවකාශයේ කුප්පකමින් අග්‍රගන්‍ය යැයි සම්මත රත්ගමයා මහතා පසුගිය දිනක බලෙන්ම රැගෙන ගොස් නායකත්ව පුහුනුවකට කියා දින 21ක් තිස්සේ රදවාගෙන තබාගෙන දැන් නිදහස් කර ඇත. නමුත් මේ දින 21 තුලදී රත්ගමයාගේ කුප්පකම් යම් ප්‍රමානයකට අඩු කිරීමට එස්.බී මාමා සමත්වී ඇත. මෙසේ රත්ගමයාගේ යහලුවන් ඇතුලු පවුලේ සැමට අවුරුදු ගනනාවක් තිස්සේ වෙනස් කිරීමට නොහැකිවූ මොහුගේ කුප්ප කම් එස්.බී. මාමා දවස් 21ක් තුල යම් තරමකින් හෝ වෙනස් කලේ කෙසේදැයි සැමට ප්‍රශ්නයක්ව පවතී......

රත්ගමයා මහතාගේ මල්ලී මූ යලිත් වරක් නායකත්ව පුහුනුවට යැවීමට දන්නා සියලු සෙල්ලම් දානා බව අපට වාර්ථා විය.... එමෙන්ම විශ්වාස කර නොහැකි ලෙස එස්.බී. මාමා රත්ගමයා මහතාගේ දේශපාලන මතයද වෙනස් කර ඇත.... වෙනදා ආණ්ඩුවට ලෙසටම දෙහි කැපූ රත්ගමයා මහතා අද ආණ්ඩුවට බනින්න එපා යැයි හා තමා මහින්ද මාමාට ආදරේ බව කීවේ වටේ පිටේ සිටි සියලු දෙනා පුදුමයට පත් කරමිනි












සයිබර් අවකාශයේ අලුත් කපල් එක

‍මේ දිනවල සානිකා මහත්මිය බ්ලොග් අවකාශයේ දකින දකින කෙනාගෙන් අලුත් කපල් එක දන්නවාද යනුවෙන් අසමින් යයි... මේ ගැන වැඩි විස්තර සොයාගැනීම සදහා අප කල පරීක්ශනයකදී හෙලිවූයේ මෙය යම්කිසි භාණ්ඩයක ප්‍රචාරය කිරීමට ගන්නා උපක්‍රමයක් බවයි. මෙම භාණ්ඩය කුමක්ද යන්න හෝ මෙම ප්‍රචාරන කටයුතු සදහා ඇයට ගෙවනා මුදල පිලිබද තවමත් හෙලිවී නැත. මේ පිලිබද වැඩි විස්තර ලද සැනින් ඔබ වෙත ගෙන එන්නෙමු.

මේ විරාමයෙන් පසු මේ දිනවල සිදුවන විදුලි විසන්දි වීම් පිලිබද අනාවරනය.

(යලිත් විදුලිය විසන්දි වීමක්)

බාකිං නිව්ස් පුවත් විකාශය අවසානයි....

මීලගට පැය 2ක් පුරාවට ඔබට ආතල්දෙන අවුරුදු ගනනක් පැරනි මෙගා සීරීස් එක සමග රැදී සිටින්න.....

-------------------------------------------------------------------------------------------------------

මෙම විදුලි විසන්දිවීම් ප්‍රශ්නය පිලිබද දැන ගැනීමට බාකිං නිව්ස් කාර්යාලයට කෝල් කල අවස්ථාවේදී ඔවුන් පැවසුවේ මෙවන් දෙයකි

මම - ‍මේ මට බාකිං නිව්ස් වල කොටස් වගයක් මිස් වුනා මේ පැත්තට කරන්ට් ගිය නිසා මට රෙකෝඩිං කරපු එක ගන්න පුලුවන්ද
බාකිං නිව්ස් කාර්යාලය - අනේ සොරි වෙන්න ඕනෙ මල්ලි ඒ ටික රෙකෝඩ් කරගන්න බැරිවුනා මේ පැත්තටත් කරන්ට් ගියානේ
මම - ඒ වුනාට අයියේ ඒකෙ කෑලි ටික නිකං කලින් කිව්වා වගේනේ දුන්නේ
බා.නි.කා - නෑ මල්ලි මේකයි බාකිං නිව්ස් වලින් පස්සේ ආතල් පැය 2 යනවනේ ඉතින් අපේ බොසා කිව්වා බාකිං නිව්ස් නොදුන්නත් කමක් නෑ වෙලාවට ආතල් පැය 2 පටංගනිං කියලා ඒකයි අපි කොටස් ඇර ඇර කිව්වේ
මම - ඇයි බොලේ උබලා ගාව ඔය ජෙනරේටර් කියන ජාතිය නැද්ද බොල?
බා.නි.කා - අනේ මල්ලියේ මහඅධිකරණෙවත් නැති ජෙනරේටර් කොහෙන්ද අපි ලග.....

මට කටඋත්තර නැතිවිය....

22 ක් හිතුනු දේවල් ලියලා....:

අනූ said...

මෙන්නෝ කිඩෝ මඩ ප්‍රචාරයක් පටන් ගෙනෝ

ගීතික බුලත්සිංහල said...

රත්තගෙ සීන් එකට මාත් සාක්කි... වෙලාවට අනිත් මූණු ටික බොද කරලා තියෙන්නෙ. විදුලි සීන්එක තමයි සීන් එක....

සිතුවිලි නිහඬයි said...

මාව කාල...කැඩුන පවුල් එකතු කරනවා ඇරෙන්න මට වෙන වැඩ නැද්ද බොලවූ.................එහෙම කරන්න දන්නවනම් මගේ පවුලයි මුලින්ම අලවන්නේ සුපර් ග්ලු ගාලා

Anonymous said...

අඩෝ එල පෝස්ට් එක ඈ?

Unknown said...

මෙන්න මඩ ගහනවෝ....ලොල්
පට්ටයි ඈ ;)

රත්ගමයා said...

පට්ටා පෝස්ට් එක කුඩ්ඩ....
මෙන්න මෙහෙම වෙනස් විදිහට හිතපන්...ලියපුවා මක්කා උනත් උබට ආපු සිතුවිල්ල නම් මැක්සා,,,,
හිස නම ආචාරය...
දිගටම මේ වගේ වෙනස් ඒවා දාපන්...සිරාවට කියවන්න ආසයි

Anonymous said...

ela wade maru

පන්සල් හංදිය said...

චැහ් ... මඩ වලකටනෙ ඇවිත් තියෙන්නෙ ..........

සරත් ලංකාප්‍රිය said...

මේ ජනේලෙන් බැලුවම පෙනෙන්නේ මඩ වගේ !

Bindi said...

අපෝ කට්ටියට නාන්න වෙයි

අනූ said...

හප්පෝ මෙහෙ හිටියොත් මඩ ගෑවෙනවා ඇ‍ඟෙ

කිඩෝ said...

අලේ මේ මම ඔය කියනතරං බරපතල විදිහට මඩ ගහලා නෑ හොදේ ලාවට මඩ ගැහුවේ....

සංකල්ප said...

කුප්ප මල්ලි කිව්වත් වගේ වෙනස්ම විදිහකට හිතලා ලියලා තියෙනවා. මම නම් බස් පැදලම නෑ. කොහොමද කරන්නේ කියලත් දන්නෙ නැති තරම්. සෙට් වෙන විදිහක් දන්න කෙනෙක් කියලා දෙනවනම් ලොකු පිනක්.

කිඩෝ මල්ලිත් මහාසේල අයියගේ මඩ අනුගාමිකයෙක්ද මන්දා. :)

සෝරෝ said...

පිස්සුද යකෝව්..... බස් කඩං වැටෙන්න දෙනවද එහෙම.... :D

කිඩෝ said...

යකෝව් මේ දවස්වල ටිකක් ඔලුව උස්සලා තියෙනවා කියන කෑල්ල ගියේ අර කරන්ට් ගිය වෙලේ ඩෝ

හිස් අහස said...

පට්ටයි බං මේ වගේ ඒවා දිගටම ලියපන් .. උඹ ලියාපු එවුවා අතරින් මම කැමතිම පෝස්ට් එක මේක .හැබැයි මම උඹට දිගටම ප්‍රවෘත්තිම ලියන්න කීවා නෙවේ . මේ වගේ එලටම ලියාගෙන පලයං මචං .. කියන්න වචන නැත ! ..

උඹට ජය ..

ADK කොලුවා said...

පට්ටියි.. පට්ටියි... "මහඅධිකරණෙවත් නැති ජෙනරේටර් කොහෙන්ද අපි ලග....." ලොවෙත් නෑ... හිකි හිකි...

~ChAnDiKa~ said...

පට්ටයි බොල....

පොඩි මෑන් said...

අඩේ මෙන්න කිඩෝ මඩ පුවත් විකාසයක් අරබලා... පට්ටයිනෙ බං.. :D

වැප් said...

මේන් පටන් අරන් මඩ ගහන්න ... :DDD

Anonymous said...

බොලේ.. මේං මඩ ගහන්නත් අරං...
මට මොකක්දෝ එකක් කිව්වත් වගේ යාන්තමට මතකයි කලින්....
ඈ.. කීඩෝ.. ඔයාගෙ ජනෙලෙන් එහා මඩදෑ.... බාකිං නිව්ස් කලාවත් නරකම නෑ වගේ.. :D

නවම් said...

හප්පා............මඩ පුවක් ගඳේ බෑ පළාතම..

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....