Pages

Friday, August 5, 2011

කාලකණ්නියා.....

හැමෝගෙම ජීවිත අපි හිතන තරං ලස්සන නෑ.....
ඉතිං මට මොකෝ බන්....
උබට විහිලු උබ දැන්නවද උබ මේ ආතල් එකේ ඉන්න වෙලාවේ ලෝකේ කී දෙනෙක් දුකින් ඉන්නවද කියලා....
ඉතිං මට මොකෝ බන්....
උබ අඩුගානේ දන්නවද පාන් ගෙඩියක ගාන කොච්චරද කියලා....
ඉතිං මට මොකෝ බන්....
උබ දන්නෑ උබ වාසනාවන්තයි උබට හොදට කන්න බොන්න තියනවා ඒත් උබ දන්නවද මේ ලෝකේ බඩගින්නේ මැරෙන අය කොච්චර ඉන්නවද කියලා....
ඉතිං මට මොකෝ බන්....
උබට මේවගෙ ගානක් නෑ උබ දන්නෑ ජීවිතේ කියන්නේ මොකක්ද කියලා ටිකක් ඇස් ඇරලා බලපන් මේ ලෝකේ වෙන්නේ මොනවද කියලා....
මොනාව වුනත් මට මොකෝ බන්....
උබනං මහ කාලකණ්නියෙක් බන්....
ඉතිං බොට මොකෝ....
ඔහොම කියපු අය ගොඩක් හිටියා.... ඒත් වැඩි කාලයක් හිටියේ නෑ.... උබටත් ‍තේරේවි ලගදිම....



26 ක් හිතුනු දේවල් ලියලා....:

Unknown said...

patttai...lesatama deela thiyenawa

වැප් said...

කාලකණ්නියා උනත් වැඩක් ඇති එකෙක් කියලා මමනම් කියෙන්නේ

චතුමිතු said...

ඉතිං මට මොකෝ බන්.... :D :D

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

මටත් කතා හැදුවා.... රේද්දේ තුත්තිරියි ප්‍රශ්ණ ප්‍රත්තරයි..

පිස්සු පුසා said...

"ඔහොම කියපු අය ගොඩක් හිටියා.... ඒත් වැඩි කාලයක් හිටියේ නෑ.... උබටත් ‍තේරේවි ලගදිම...."

හික් හික් ඉතිං මට මොකෝ...

Anonymous said...

ජීවිතේ දුක නොවිද උඩින් අත පත ගාපු එකාට ජීවිතේ වරදින්නේ, අයේ හරි ගස්සන්නවත් බැරි විදියට..එදාට ඉතුරු වෙන්නේ විදවීමක් විතරයි..යාලු..

සංකල්ප said...

අනිවාර්යෙන්ම !!!!! උට ඕක තේරුම් ගන්න වැඩිකල් යන එකක් නෑ. කල් යන්නට මත්තෙන්ම තේරුං ගනීවී. මල්ලි කිව්වත් වගේ අපි බත් එකක් අතට ගන්නකොට කන්න නැති අය ගොඩක් ලෝකයේ ඉන්නවා කියන එක හිතට ගන්න පුලුවන් නම් කෑම නාස්ති කරන එක ගොඩක්ම අඩු වෙනවා. ඒ වගේම හොද හොද කෑම ඉල්ලලා ගෙවල් වල මහ එවුන්ට කරදර කරන එකත් අඩු වෙනවා.

මම් කිව්වේ එක දෙයක් ගැන විතරයි. ආහ්.. ඒ වගේම අපි නෙට් ෆැසිලිටි ඉල්ලලා කෑ ගහනකොට අඩුම තරමේ කොම්පියුටර් එකක් අහට දැකලා නැති අතපත ගාලා නැති කී දාහක් නම් අපේ රටේ අය ඉන්නවද !!!!!

මෙහෙම දේවල් කියන්න ගියොත් මල්ලිගේ පෝස්ට් එකට වැඩිය මගේ කමෙන්ට් එක දිග වෙයි.

යන්න කලින් තව දෙයක් කියන්නම්. අපි අපිට තියෙන දේවල් වලින් සතුටු වෙන්න ඕනේ. ලද දෙයින් සතුටු වෙන එක පොඩි කාලේ ඉදන්ම පුරුදු වෙන්න ඕනේ. දෙමවුපියනුත් ඒක දරුවන්ට පුරුදු කරන්න ඕනේ. එහෙම නැතුව දරුවෝ හැදුවම දෙමවුපියන්ටත් දුකක් සමාජයටත් බරක් !!!!

Anonymous said...

ඉතිං මටත් මොකෝ බං

ADK කොලුවා said...

ඉතින් තොට මොකෝ බං... මටනේ තේරෙන්නේ.....

ලොල්ය....

පූසා said...

ඔය ජාතියම එකෙක් මාත් අඳුරනවා. වතුර වෙනුවට කොකාකෝලා බොන ජාතියේ එකෙක්. උන් ගැන කතා කරලා වැඩක් නෑ. උන් කවදාවත් තේරුම් ගන්නේ නෑ...

Unknown said...

අනිවා මමත් ඔයාගෙ අදහසට එකඟයි.
…ඔහොම කියපු අය ගොඩක් හිටියා.... ඒත් වැඩි කාලයක් හිටියේ නෑ....

ප්‍රසංග said...

“ඉතිං මට මොකෝ බන්....“ ඔව් මෙහෙම හිතන අයටත් මොනවාහරි කරදරයක් උන දවසට සමාජය කියන්නෙත් “ඉතිං අපට මොකෝ බන්....“කියලම තමා එදාට තේරේවි...

Anonymous said...

කාලකන්ණියා යනු බොහොම වැදගත් සතෙකි. මිනිසුන් රොත්තකින් නො;කාලකණ්නියන් ‍තෝරාගැනීමට කරනා දායකත්වයම මදිද ඈ........

Chirath Harshana Fonseka said...

පට්ට බන්.එල

කිඩෝ said...

මේක සිරාවට දැම්මේ මදුරංග අයියා කියපු හේතුව නිසා තමා මගේ ඊලග පෝස්ට් එක වුනේ ඒක... ඒකට නිකං පෙරවදනක් වගේ තමා මේක දැම්මේ.... මදුරංග අයියා මගේ පෝස්ට් එකේ සාරාංශෙ මෙතන කමෙන්ට් එකක් විදිහටම දාලනේ :D

චතුර.... said...

ඔය විදියට හිතන අයට අන්තිමට ඔය කියන තරම් සැහැල්ලුවෙන් හිතන්න බැරි වෙන එක තමයි ප්‍රශ්නේ..

සංකල්ප said...

ඒ උනාට කමක් නෑ. ඊලඟ පෝස්ට් එක දාන්න. මොකද කාටද අනිත් කෙනෙක්ගේ හිතක් කියවන්න පුලුවන් වෙන්නේ ? :D

හිස් අහස said...

ඌට හොඳනම් අපේ මොකෝ බං ?

පොඩි මෑන් said...

ඉතිං අපට මොකෝ බං...

Nishan de siva said...

තේරුනු දවසට උබ පරක්කුයි කියලා උබ දන්නවද?

සීතල අයියා said...

කෝ බං මේක follow කරන්න click කරන්න ඕන ගැජට් එක?
ඒක නෑනේ...

කිඩෝ said...

ඔය තියෙන්නේ බන් මං පස්සෙන් එන්න කියලා....
සමහර වෙලාවට ක්‍රෝමියේ ඕක පෙන්නන්නේ නැතුව යනවා...

සරත් ලංකාප්‍රිය said...

කන්නේ මොනවද කියල හිතන මනුස්සය හිතන්න ඕන කන්නේ කොහොමද කියල හිතන මිනිස්සු කොටි ගානක් ඉන්නබව..

පන්සල් හංදිය said...

සහතික ඇත්ත මලයා, ලංකාවට හෙන ගැහිලා තියෙන්නෙ ඔය ජාතියේ උන් නිසා .......

හිම හංසි said...

ඈත්ත කතාව.මොකෝ මලයෝ එක පාරට මේ වගේ එකක් ලිව්වෙ?

ගලයා said...

මාර කතා කෑල්ල...අද තමා මේකට අවේ..අද ඉඳලා මේකත් ෆලෝ තමා...ඉස්සරහට දානවා කොමෙන්ටූ............

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....