Pages

Saturday, April 30, 2011

කොන්දගේ බයිට් එක

හැමදාම බ්‍රහස්පතින්දට අපට බද්දෙවිතාන සර්ගෙ පන්තිනෙ ඉතින් ............න් අපි 10ක විතර සෙට් එකක් කලුතර යන්න නගිනවා......මේ සෙට් එකෙන් ඕනෑම වේලාවක කවුරුන්හෝ බයිට් එකට ගන්න සැදීපැහැදී ඉන්නෙ මමයි හසියයි(බ්ලොග් ලියන එකා නෙවෙයි) පොලයි තමයි...... :D මේ සිද්දිය උනේ මාර්තු මාසෙ මුල විතර එදත් අපි සෙට් එක වෙනද වගේම බස්එකක් එනකන් හිටිය.... ඔන්න ටික වෙලාවක් යද්දි තංගල්ල කොළඹ බස් එකක් ආවෙ.... ඔන්න ඉතින් හසියත් අර බස් එක දැක්ක ගමන් "තංගල්ල කොළඹ මචං තේ බොන්න නවත්තයිද දන්නෑ....." කියල මුගේ මුසල කට ඇරියා. අපිත් ඉතින් ඕක ගනං ගන්නෙ නැතුව නැග්ග බස් එකට මොකද ඒකෙ හිස් ෂීටුත් තිබුන ඉතිං කවුද වාඩිවෙලා යන්න තියන චාන්ස් එක අතඅරින්නෙ...... මාත් ඉතින් බස් එකට නැගල අපේ සෙට් එකත් එක්ක පිටිපස්සෙම ෂිට් එකේ වාඩිඋනා විතරයි මෙන්න බස් එක පැත්තකට කරල නවත්තපි ........ල් හෝටලේ ගාව..... අපි නැග්ග තැන ඉදන් විනාඩි 2ක විතර දුර..... මදැයි වාඩිවෙලා යන්න නැග්ග වැඩේ චාටර් උන හින්ද අපිත් ෂේප් එකේ බස් එකෙන් බැස්සෙ හසියගෙ මූසල කටට බැන බැන..... අර වගේ චාටර් එකක් කාපු බස් එකට ආපහු නගින්න බැරි නිසා එතන පාරට වෙලා ඉදලා වෙන බස් එකක නැගල පන්ති ගියා.... පොඩ්ඩක් ඉන්න තාම කතාව ඉවර නෑ..... ඔන්න ඉතින් ඊලග සතියෙත් අපි පන්තියන්න පුරුදු තැනට ආවෙ තංගල්ල කොළඹ බස් එකකට අඩියක් තියන්නෙ නෑ කියල තීරනය කරගෙන ඉතින් එදා තංගල්ල කොළඹ නොවන ‍බස් එකක් එනව දැකල හසියගෙ කටටත් "වහගෙන හිටු" නියෝගයක් නිකුත් කරලා බස් එකට නගින්න සෙට්උනා ගිය සතියෙ කාපු චාටර් එක නිසා මම බස් එකට නගිනකොටම කොන්දගෙන් "අයියෙ තේ බොන්න නවත්තනවද කියල ඇහුව" මූත් ටිකක් අමුතු විදිහකට හිනාවෙලා " නෑ නෑ මල්ලි" කිව්ව ඉතින් මාත් බය නැතුව බස් එකට නැග්ගා.... ඌ එහෙම කිව්වට මෙන්න බොලේ එදත් බස් එ‍ක ........ල් හෝටලේ ගාව නැවැත්තුව...... දෙවනි දවසෙත් උදේ පාන්දරම චාටර් එක කාගෙනම බස් එකෙන් බැස්සා...... :D බස් එකෙන් බැහැල ටිකක් එහාට ගියාම හසිය කියනව " මචං ඒ ගිය සතියෙ තංගල්ල බස් එකේ හිටපු කොන්දමයි බං අපි බස් එකට නැග්ගහම මූ මට කිව්වා මේ ගිය සතියෙත් නැග්ග මල්ලිල ටිකම නේද? අදත් තේ බොන්න නවත්තනව හොදේ" කියල...... ඉතින් එකම කොන්දගෙන් දෙවරක් පිට පිට චාටර් වීමට තරං මෝඩ වීම ගැන අපිටම දොස් පවරාගනිමින් වෙන බස් එකකට නැග්ගෙමු.......

8 ක් හිතුනු දේවල් ලියලා....:

~ChAnDiKa~ said...

හික්... ඉතින් උඹලටත් තිබ්බනෙ තේ එකක් එහෙම බීලා නිවාඩු පාඩුවෙ යන්න. :D ගිහිල්ල මදි පාඩුවට බද්දයගෙන් හොඳට කන්න තිබ්බ බඩ පිරෙන්න. අපරාදෙ චාන්ස් එක. :D

කිඩෝ said...

කවුරුත් නැති තැනක නං බද්දෙගෙන් ගුටි කන එක ඉවසන්න පුලුවං ඒ වගේද බං කෙල්ලො දාහක් විතර ඉස්සරහ ඉස්ටේජ් එක උඩට ගෙනල්ල චාටර් කරොත් ආපහු පන්ති එන්න වෙන්නෙ වෙස්මූනක් දාගෙන තමයි.... හි හි :D

Asanka Udara said...

අම්බලන්ගොඩ අපි තරම් ඔය චාටර් එක කන්නේ නැතුව ඇති වෙන කව්රුවත්.
කොළඹ ඉඳන් ආවත් ,කොළඹ ගියත් , ගාල්ලේ ගියත් , ගාල්ලේ ඉඳන් ආවත් තේ කඩයක් වැඳ පුදාගෙන තමයි යන්න වෙන්නේ.

කිඩෝ said...

සිරාවටම ඇත්ත කතාව උදේ පාන්දර ගමනක් යන්න ගියොත් ඉවරයි.... දවසක් අපි කට්ටිය ගාල්ලේ පන්ති ගිහිල්ලා මාතර කොළඹ බස් එකක ආවා බස් එකත් ඇදල ආව.. අපේ එකෙකුත් මාර සතුටින් හිටියෙ ඉස්කෝලෙ ඇරෙන වෙලාවට කෙල්ලව හම්බවෙන්න හුටා බස් එක නැවැත්තුවෙ නැද්ද කුලීගොඩ හරියටම වෙලාව 1.30 අරූට අම්බනෙට මල බස් කාරය තව ටිකක් ගිහිල්ල ඩැනියල් එක ගාවින් හරි රන්දොඹෙන් හරි නැවැත්තුවනං මොකෝ එහෙනං අරූ‍ට කෙල්ල බලාගන්නත් තිබුනනෙ... අපිටත් ඉක්මනට ගෙදර යන්න ති‍බුන...

Anonymous said...

අම්බානක පජාත වෙලා නෙව...සිස් :)
ඔන්න කිඩෝ මමත් බ්ලොගේ පැන්නුවා හරිය.
මගේ බ්ලොගෙ පැන්නුවාටත් ස්තූති හොඳේ........අය ඔයාගේ හැම පොස්ට් එකටම මගේ කමෙන්ට් එකක් වැටෙනව මය් ඒකේ දෙකක් නෑ......

Anonymous said...

ඒක නෙවෙය් කිඩෝ පොස්ට් වලට පේස් බුකි ලය්ක් බටොන් එකක් දැම්මොත් නරක නැද්ද..?

කිඩෝ said...

@ බීටා ඕං මචං බුකියෙ ලයික් බටොන් එකක් දැම්මා.... මගේ අඩුපාඩු පෙන්නල දුන්නට බොහොම ස්තුතියි තව මොකක් හරි අවුලක් තියනවනං කියපං....
කමෙන්ට් දාපු හැමෝටම ස්තුතියි.....

කිඩෝ said...

@ බීටා මචං මේ ලයික් බටොන් එක දැම්මහම බ්ලොග් එක ලෝඩ්වෙන්න හෙන වෙලාවක් යනවනෙ ඒක හින්දා ලයික් බටොන් එක අයින් කරා...

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....