Pages

Saturday, June 18, 2011

මගේ බ්ලො‍ගියේ උපන්දිනය, අර්ධ ශතකයක් හා පොරොන්දු ඉටු කිරීමක්


අද මට පට්ට හැපීය මම හිතාගෙන හිටපු ටාගට් ඔක්කොටම යන්න පුලුවන්වුනා පෝස්ට් එකේ හෙඩිම දැක්කාම දන්නවනේ මම අද කියන්න යන්නේ මොකක්ද කියලා වෙන මොකක්ද ඉතින් මගේ බ්ලොග් එකේ පලවෙනි උපන්දිනේ ඒ වගේම මේ මම ලියන්නේ මගේ 50වෙනි පෝස්ට් එක ඒ වගේම මේ ලියන මොහොත වෙනකොට මට ෆලෝවර්ස්ලා 50 (මමත් එක්ක ගත්තොත් 51) ඉතින් ඔක්කොම මම හිතාගෙන හිටපු විදිහටම සිද්ද වුනා.... ඔන්න ඉතින් පොරොන්දු වුන විදිහට මම දැන් මගේ බ්ලොග් ජීවිතයේ දුක්ඛිත කතාව කියන්න යන්නේ....

අවුරුද්දක් පරන බ්ලොග් එකකට ෆලෝවර්ස්ලා 50ක් හිට්ස් 8400+ ඒක එච්චර හොද රේටිං එකක් නෙවෙයි කියාලා මේක බලන කට්ටියට හිතේවි ඒත් ඉතින් දුක තමා ලබා උපන් හැටිලුනේ... ඒක එහෙම වෙන්නත් ඉතින් හේතු තියනවා කොහොම හරි මගේ බ්ලොග් ජීවිතයේ ආරම්බයටම යමුකෝ ඇත්තටම මගේ පලවෙනි බ්ලොග් එක මේක නෙවෙයි මේ මගේ තුන්වෙනි බ්ලොග් එක..... මම බ්ලොග් ලියන්න සෙට් වුනේ මම 11 වසරෙදි ඒ කියන්නේ 2010දි

ඒ කාලේ අප්‍රේල් නිවාඩුව ඒ වෙනකොට බ්ලොග් ලිවීම ගැන මම මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නෑ.... ඉතින් නිවාඩුවක් ලැබුනා කියන්නේ අපි සෙල්ලම් කරන්න සෙට් වෙනවා කියන එක... ඉතින් හැමදාම වගේ එදත් අපේ ගෙදරට කට්ටිය සෙට් වුනා ඒත් වෙනදා තරම් කට්ටිය හිටියේ නෑ අනිත් එක ඒ දවස්වල ගෙවල් අස්පස් කරන හින්දා අපේ උන් එන්න කොහොමත් පරක්කු වෙනවා එදා හිටියේ මමයි තව පොඩි උන් දෙන්නෙකුයි (මම තමා අපේ සෙට්එකේ හිටිය වැඩිමහල්ම එකා) ඉතින් එකෙක් ගියා අනිත් උන් අහුලන් එන්න කියලා.... ඒ අතරේ අනිත් පොඩි එකා මට කියනවා *** අයියේ ‍ෆ්‍රී වෙබ් සයිට් හදන්න දෙන සයිට් එකක් තියනවා මමත් එකක් හැදුවා බලමුද කියලා... මමත් ඉතින් අලුත් දේවල් දැනගන්න ආස එකානේ ගියා මොකක්ද කියලා බලන්න මු දුන්න සයිට් එකවෙබ්ස්.කොම් කියලා එකක් මාත් ඉතින් ගිහිල්ලා හැදුවා එකක් මට මතක විදිහට මම නම දැම්මේ cheats&cheats කියලා දිනේ කියනවනං හරියටම 2010 අප්‍රේල් 10.

ඕක හැදුවේ ගේම්ස් වල චීට්ස් දාන්න.... කොහොම වුනත් මට වැඩේ අල්ලලා ගියා හැබැයි මම බඩු ලිව්වේ කඩ්ඩෙන්.... ඉතින් ඔහොම මාසයක් විතර යද්දි මට හිතුනා මේක සිංහලෙන් ලියන්න... හොර තිප්පොල කියලා නමත් වෙනස් කරන් වැඩේට බැස්සා ඒත් පෝස්ට් එකක් ලියන්න බෑ බෑ වගේ. ඔය කාලේ වෙනකොට මම බ්ලොගර් ගැන ටිකක් දැනගෙන හිටියේ ඉතින් මට හිතුනා බ්ලොගර් වලින් මේකෙ මම කලින් ලියපු පෝස්ට් සිංහලෙන් ලියන්න ඉතින් 2010 ජුනි 15 හොර තිප්පොල කියලා බ්ලොගර් වල මගේ පලවෙනි බ්ලොග් එක පටන් ගත්තා..... (මේ බ්ලොග් එකනං දැන් ලියන් නෑ..)

ඉතින් එදාම අර පෝස්ට් ටික සිංහලෙන් දැම්මත් දැන් සාපෙත් ලංවෙන නිසා ගේම් ගහන එක තවදුරටත් කරන්න වෙයිද කියලා හිතේ සැකයක් තිබුනා ඉතින් ඔන්න ඔහොම මම බ්ලොගර්වල මගේ තුන්වෙනි බ්ලොග් එක ඒ කියන්නේ මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තා ඒ 2010 ජුනි 18 හැබැයි ජ‍නේලයෙන් එහා කියලවත් කිඩෝ කියන නමින්වත් නෙවේ ඕනෙ එකක් 4 ඕනෙ එකෙක් කියලා මගේ ඇත්ත නමින් හැබැයි ඒකෙනං තිබුනේ ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා වගේ අනංමනං.....

ඉතින් ඔන්න ඔය විදිහට බ්ලොග් කෙරුවාවට ආපු මට ඒ වෙනකොට සින්ඩි ගැනවත් බ්ලොග් කරුවන්ගේ සංගම් වගේ දේවල් ගැනවත් ඒ හැටි දැනුමක් තිබුනේ නෑ. ඉතින් මම ලිව්වා ලිව්වා බලන්න නං දෙතුන්දෙනෙක් හිටියා (මගේ ඉස්කෝලේ යාලුවෝ ඒ අය නං දැන් බ්ලොග් ලියන්නෑ) මාස 8ක් ෆලෝවර්ස්ලා කවුරුත් නැතුව කමෙන්ට් එකක්වත් නැතුව මම බ්ලොග් ලිව්වා මාස 8 කට පස්සේ තමා මගේ පලවෙනි ෆලෝවර් ලැබුනේ එදා මට ඇති වුන සතුට වචන වලට පෙරලන්න නං බෑ.... ඒ තරං සතුටක් මට ඇති වුනේ.... ඒ වෙනකොටත් මම බ්ලොග් කියෙව්වා ඒත් කමෙන්ට් නං කලේ නෑ.....

කොහොමහරි මගේ බ්ලොගේ අද තියන තැනට එන්න ඒ කියන්නේ මම කිඩෝ වුනෙත් මගේ බ්ලොග් එකජනේලයෙන් එහා විදිහට වෙනස් වුනෙත් 2011 අප්‍රේල් 23 වෙනිදා.... ඔන්න ඊට දවස් 3කට පස්සේ ඒ කියන්නේ 26 වෙනිදා මම දාපු ආප්ප හැන්ද පෝස්ට් එකට තමා මට පලවෙනි කමෙන්ට් එකයි දෙවනි ෆලෝවරුයි ලැබුනේ ඒවෙන කවුරුත් නෙවේ අනූ එහෙමත් නැත්තං බුකිවාසීන් දන්න නමින් කියනවනං ටිමෝන් දැන් නං ඉතින් බ්ලොග් ලියන්නේ කඩේ හාමිනේ නමින්..... ඉතින් ටිමෝන් කියපු විදිහට බ්ලොගියට පොඩි පබ්ලිසිටියක් දෙන්න මමත් බුකියට සෙට් වුනා ඒ ඉතින් බුකිවාසීන් කවුරුත් දන්න කිඩෝ එහෙමත් නැත්තං බුකියේ රෙජිශ්ටර් නම වන කුඩ්ඩා විදිහට.... කොහොම වුනත් මගේ ජීවිතේ ලොකු වෙනස්වීම් වලින් එකක් ඒ කියන්නේ බුකියේ බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෘපියට මාව ඇඩ් කරේ ටිමෝන්.... ඉතින් ටිමෝන් ඒ උදවුවට ඔයාට බොක්ක පතුලෙන්ම ස්තූතියි....

ඊලගට මට බ්ලොග් ලිවීමේදී වැදගත් කරුණු ගැන කියා දීපු බනීයාට හා අනුරාධ අයියාට මගේ බොක්ක පතුලෙන්ම පිරිනැමෙන ස්තූතිය...

ඇත්තටම මම අලුත් බ්ලොග් එකක් දැක්ක ගමන් ෆලෝ පාරක් දීලා කමෙන්ට් එකක් දාලා පුලුවන්නං බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෘපියටත් ගෙන්න ගෙන අලුත් අයට පුලුවන් උපරිමයෙන් සප් එක දෙන්නේ මම කලින් කිව්වා වගේ අලුත් බ්ලොගර් කෙනෙකුට ෆලෝවර් කෙනෙක් කමෙන්ට් එකක් ලැබුනාම කොච්චර සතුටක් තියේද කියලා මම දන්න නිසා මාස 10ක් ෆලෝවර්ස්ලා කමෙන්ට් නැතුව හිටපු මම ඒක අත්දැකීමෙන්ම දන්න නිසා.... තව කෙනෙක් කඩා වැටෙන දිහා ඒ කෙනාට අතනොදී වැටෙනවා බලන් ඉදලා **** සතුටක් ලබන්න තරං මම පහත් තත්වෙට වැටිලා නැති නිසා.... මට එදා බස් එකේදි මල පැනලා කතා කරෙත් ඔය හේතුව නිසා තමා මම දන්නෑ එතනදි මම හරිද වැරදිද කියලා ඒත් ඉතින් මම දැන් බස් පදින එක නවත්තලා හින්දා තව දුරටත් මම ඔය ගැන ප්‍රශ්න දාගන්නෑ....

කොහොම වුනත් මම තාම පොඩි එකා වයස ගැන කියනවනං අදට අවුරුදු 16 මාස 8 දවස් 6 කෙලින්ම උපන්දිනෙත් කිව්වොත් 1994.10.12 ඉතින් මේ වගේ පොඩි එකෙක්ගෙ බ්ලොග් එකක් බලන්න එච්චර කට්ටියක් නැති එක ගැන මට එක අතකට පුදුමෙකුත් නෑ.... මොනවා වුනත් අර ෆිෆා සින්දුවේ වගේ "when i get older i will be stronger" කියලා කියාගෙන මම දිගටම බ්ලොග් ලියනවා.... බ්ලොග් ලියන අනිත් අයටත් කියන්නේ (අලුත් අයට) සැලෙන්න එපා බොලා දිගටම ලියපල්ලා අර මම කලින් දවසකත් කිව්වා වගේ මට වඩා බොලා වාසනාවන්තයි දැන් ඉස්සර වගේ නෙවෙයි අලුත් අයට අතදෙන්න ගොඩක් දෙනෙක් බලන් ඉන්නවා (විශේෂයෙන් මතක් කරොත් මාරයා, මඩයා, අභියා වගේ අය නම කියවුන්නෑ කියලා අනිත් උන් තරහා වෙනවා නෙවේ...)

මේ බ්ලොග් කෙරුවාව ගැන කියනවනං මට අලුත් යාලුවෝ පිරිසක්, අලුත්/වෙනස් අදහස්, දැනුම වගේ ගොඩක් දේවල් ලැබුනාඉතින් මම බ්ලොග් ලියන එක ගැන මට ආඩම්බරයි.... දැන් නං උ.පෙ. නිසා මට පෝස්ට් දාන්න නිදහසක් නැති වෙයිද මන්දා ඒත් ඉතින් මේක අතඅරින්නෙ නං නෑ සතියකට පෝස්ට් 3ක් වත් දානවා.....

ප.ලි.
දැන් දැක්කේ මගේ ෆලෝවර්ස්ලා ගාන 52ක්වෙලා ඉතින් මගේ ෆලෝවර්ස්ලා 50 ටාගට් එකට යන්න උදව් කරපු මදුරංග අයියටත් මගේ බොක්ක පතුලෙන්ම දෙන තැන්කූ පාර....

ප.ප.ලි.
මගේ පෝස්ට් වලට කමෙන්ට් කරලා මාව දිරිමත් කරන, මගේ වැරදි පෙන්නලා දෙන සියලු දෙනාටත් මගේ ස්තූතිය

ප.ප.ප.ලි.
මට මෙතනදි කාව හරි අමතක වුනානං සමාවෙන්න හොදේ....

35 ක් හිතුනු දේවල් ලියලා....:

Observer said...

ඉදිරියටම යන්න,මගේ උණුසුම් සුභ පැතුමත් පිළිගන්න......

කතන්දර Kathandara said...

/* මොනවා වුනත් අර ෆිෆා සින්දුවේ වගේ "when i get older i will be stronger" කියලා කියාගෙන මම දිගටම බ්ලොග් ලියනවා....
*/

සම්මාන දිය යුතු කතාවක්. නියමයි. උපරිමයි!
මේ වගේ අධිෂ්ඨානයකින් ඉගෙනීමේ වැඩත් කරන්න පුතා.
අන්තිමේ දී වැදගත් වෙන්නේ ඒ ටික තමයි.

කතන්දර Kathandara said...

තමන්ව ඇඩ්වර්ටයිස් කරගන්න තමන් දැන ගන්න ඕනෑ.

හිතන්න මේක ඇප්ලිකේෂන් දාලා, ඉන්ටර්වීව් එකකට ගිහින්, ජොබ් එකක් ගන්නවා වගේ වැඩක් කියලා.

ADK කොලුවා said...

සුපිරි පොස්ට් එකක් මචං..

ඔක්කොටම කලින් උබේ පන්දිනේට මගේ උණුසුම් සුබ පැතුම්. කතන්දර අයිය කියල තියනවා වගේ

"මොනවා වුනත් අර ෆිෆා සින්දුවේ වගේ "when i get older i will be stronger" කියලා කියාගෙන මම දිගටම බ්ලොග් ලියනවා.... "

කතාවටනම් උබේ කටේ මසුරන් දාන්න වටිනවා.. දිගටම ලියපන්. අපි ඉතින් කොහොමත් මේ පැත්තේ එන උදවියනේ.

නෙරංජි සුලක්ඛනා said...

මල්ලි ගැන හරිම සතුටුයි...ඔක්කොම ගොඩ... තීම් එක මගෙ ඇහැට පාට මදි.. නමුත් මේක මම කියපු බව මාරයියාට කියන්න එපා...මොකොඅ කියනවා නම්..මගේ තීම් මාරුව ගැන වැඩියෙන්ම බනින්නෙ උන්දැ

All in one....... said...

මගෙන් උණුසුම් සුබ පැතුම් මචන්
හිට්ස් followers අඩුයි කියලා සැලෙන්න එපා මගේ බ්ලොග් එකේ මෙච්චරවත් නෑ

සංකල්ප said...

මුලින්ම බ්ලොග් එකේ උපන්දිනේට මගෙන් සුබ පැතුම්. මල්ලිගේ දුක් ගැනවිල්ල කියවගෙන යද්දි මටත් මං ආපු ගමන් මග ගැන දුක හිතුනා. මාත් බ්ලොග් එකක් පටන් අරන් මාස තුන හතරක් යනකන්ම එකම කමෙන්ට් එකක්වත් වැටිලා තිබුනේ නෑ.

ඇත්තටම බ්ලොග් ලියන අපේ ශුද්ධ ලාභය තමයි කමෙන්ට් කියලා කියන්නේ. කමෙන්ට් එකක් තියෙනවා දැක්කම හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.

ඒ වගේම වසරක් පිරෙන මේ දවසේ මල්ලි ට ආඩම්බර වෙන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි මෙච්චර අඩු වයසින් බ්ලොග් කලාවට එන්න ලැබුන එක. එතකොට තව අවුරුදු දෙක තුනක් විතර යද්දි ප්‍රවීනයෙක් වෙන්න පුලුවන්. එතකොට මඩයා, මාරයා, අභීත අයියා, දුකා අයියා, කෙසෙල් කොටුවේ චූටි මහත්තයා, රංග අයියා, කතන්දර කාරයා වැපා අයියා වගේ ප්‍රවීනයෝ අතරට මල්ලිගේ නමත් කියවෙයි.

එදාට අපි ඈතින් ඉදලා සතුටු වෙන්නම්.
මල්ලිගේ ඉදිරි ගමනට එක සිතින්ම සුබ පතනවා !!!!!!
ජය වේවා !!!

සාටර් said...

නියම පෝස්ට් එක..ඉදිරි ගමනට ජයවේවා!!!

මගේ කතා said...

මුලින්ම උපන්දිනේට උණුසුම් සුභ පැතුම්..!
මමත් බ්ලොග් වලට අලුත් නිසා ඔය කිව්ව කතාවට මමත් එකග වෙනව මොකද අපේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් වැටුනම දැනෙන සතුට දන්නේ එයා විතරයි. මටත් මුලින්ම කමෙන්ට් එකක් දාපු කෙනාව අමතක වෙන්නෙ නෑ. ඒ වගේම කිඩෝ ඔයත් හැමදාම මගේ බ්ලොගේ පත්තේ ඇවිත් කමෙන්ට් එකක් දාලා දෙන උදව්වටත් ස්තූතියි.
මේක දිගටම ලියන්න ජය වේවා...!!

අනූ said...

mama clz gihin awithma comment ekak dannam honde :)

Abeetha Edirisinghe said...

සුභ පැතුම් මල්ලී... දිගටම කරගෙන යන්න.. අපි ඉන්නවා දිගටම... කමෙන්ට් නොකරත් අපිත් හැමදාම ගොඩ වෙනවා...

Ishara ( DarKneT ) said...

ඔහොම තමයි බන් මගෙත්, මම හිතන්නෙ මගෙ එකට තාම මෙච්චරවත් කමෙන්ට් කරන්නේ නෑ

මොනවා නැතත් ලිපි ලියනව කියලා හිතාගෙන මමත් ලියනව ඒ උනාට බලන්න අය ඇන්ඩ් කමෙන්ට් නැති උනාම ලියන්න හිතෙන්නේ නෑ :\

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

කතන්දර අයියාගේ කමෙන්ට්ස් දෙකම නැවත පල කරමි.

වයස පොඩි වුනා කියලා බාලයෙක් වෙන්නෑ. කෙරුවාවෙන් තමයි බාලයෙක් වෙන්නේ. වයස ගැන නොහිතා වැඩ කරපන් මලේ. උඹට සුභපැතුම් !!!

Anonymous said...

ඔන්න එහෙනම් බීටගෙනුත් සුභ පැතුම්... අඩේ උඹැලට තවම ඉස්කෝලේ පටන් ගත්තේ නැතැයි

Dinesh said...

අපි ලියන්න ලියන්න තමයි අපි ලියන දේවල් පරිනත වෙන්නේ.. එ හින්දා කිඩෝ මලයා දෙවෙනි අවුරුද්ද සමරද්දි මේ මේ දේවල් මීට වඩා ගොඩක් වෙනස් වේවි.. ඔන්න මගෙන් ඒ වෙනකොට ෆලොවර්ස්ලා 150කට වඩා ඉදීවි.. ඔන්න මමත් හදවතින්ම සුභ පතනවා...

Anonymous said...

ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්! :-)

Unknown said...

එල එල කුඩ්ඩා නියමයි.උඹගේ කතාව සම්පුර්ණ ඇත්ත.කමෙන්ට් ෆලෝ කරන ඒවා දැක්කහම හිතේ ඇතිවෙන සතුට කියන්න තේරෙන්නේ නැ..

have a long journey..!

Dilanka Madhawa said...

මගෙනුත් සුභ පැතුම් මචෝ..බ්ලොග් ලිවිල්ලට වයස අවුලක් නැ මචන්.හොඳ අර්ථවත් ලිපියක් නම් එච්චරයි....
ආයෙත් සුභපැතුම්...දිගටම ලියන්න...කියවන්න අපි ඉන්නව...

Geeth Nuwan said...

එල මලේ.... එල... දිගටම ලියමු.. මමත් ඔහොම තමා පටන්ගත්තෙ... ටික ටික තමයි දියුනුවුනේ.... දිගටම ලියමුකො....

ජය෴..

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මොනවා වුනත් අර ෆිෆා සින්දුවේ වගේ "when i get older i will be stronger" කියලා කියාගෙන මම දිගටම බ්ලොග් ලියනවා.... "

මෙන්න මේක තමයි මල්ලියො නියම කථාව ... සුභ පැතුම් බොක්කෙන්ම

අනූ said...

ඉතින් කිඩො මාව මතක් කලා ට තෑන්ක්ස් හො‍ඳෙ.:) මගෙනුත් සුබ පැතුම් දිගු ගමනක් යන්න :) දිගටම බ්ලොග් ලියන්න,ටික කාලයක් යද්දි නිකං ම කට්ටිය එක් වෙනවා.දැන් නම් අලුත් අයට අත දෙන්න ගොඩ දෙනෙක් ඉන්නවා.ඒක සතුටක්,මාත් හැමවෙලේම පුලුවන් තරම් අලුත් අයට උදව් දෙනවා මොකද අපිත් ඔය කට්ටම කන අයනෙ..ඉතින් ඉතින් සුබ පතනවා කියල තමා කියන්න තියෙන්නෙ :D

කිඩෝ said...

හෆ්‍ෆා මගේ පෝස්ටුවකට පලවෙනි පාරට කමෙන්ට් 20ක් ලැබූනා ඒකටත් අවුරුද්දක් බලන් ඉන්න වුනානෙ හි හි... මගේ කලින් පෝස්ට් වලට මම ප්‍රතිකමෙන්ට් දැම්මේ නැත්තේ ඒවා දේශපාලන පෝස්ට් වුන නිසා (මට කියන්න තිබුනු ඔක්කොම පෝස්ට් වලින් කිව්ව නිසා)
ඔන්න ඉතින් මේ පෝස්ට් එකට කමෙන්ට් කරපු හැමෝටම තැන්කූ වේවා...
@ ඔබ්සර්වර් අංකල්, තැන්කූ අංකල්
@ කතන්දර, අලේ මන්දා මට ඔය ඇඩ්වටයිසින් වැඩේනං අල්ලන් නෑ ලින්ක් එකක් දැම්මොත් ඉතින් බුකියේ තමා...
@ ADK කොලුවා, තැන්කූ වේවා
@ නෙරංජි අක්කා, තීම් දාලා දාලා ලෝඩ් වෙන්න යන වෙලාව වැඩි වෙලා අනංමනං සීන් ගොඩක් වෙලා අන්තිමට හරි ගියේ මේක විතරයි.... හි හි මාරයට කියන්න යන්නෙ නං නෑ අනික මාරයාට මේ වගේ බ්ලොග් බලන්න වෙලාවක් තියේද දන්නෙත් නෑ නෙ...
@ all in one, නෑ බන් මම කිව්වේ අවුරුද්දක් පරන බ්ලොග් එකකට මේ ගාන මදියි කියලා කාට හරි හිතෙන්න පුලුවන් කියලා...
@ මදුරංග අයියා, ඈතින් ඉදලා සතුටු වෙන්න ඕනෙ නෑ අපි ඔක්කොම එකට ඉදන් සතුටු වෙමු අනික මම කවදාවත් මුල අමතක කරන එකෙක් නෙවේ... හැමදාටම පරණ පිස්සු කෙලින කිඩෝම තමා....
@ චාටර් කොල්ලා, තැන්කූ වේවා
@ මගේ කතා, අපි එහෙමයි කවි වලට ඇර ඕනෙ දේකට කමෙන්ට් එකක් දාලා යනවා... හි හි
@ ටිමෝන්, හෑ මුලු දවසෙම පන්තිද ඔයාට....
@ අභිත අයියා, තැන්කූ වේවා
@ උදිත්, මම නං කියන්නේ උබ ටෙක්නිකල් පෝස්ට්ම දාන්නෙ නැතුව තව අනංමනං කතා ටිකකුත් දාපන්....
@ චතුරංග අයියා, තැන්කූ වේවා
@ බීටා, තැන්කූ.. අපට පටන් අරන් සතියක් විතර වෙනවා...
@ දිනේෂ් අයියා, තැන්කූ අපි බලමුකෝ හි හි...
@ විසිතුරු, තැන්කූ වෙවා
@ දිලියා, ඔව් බන් ඒක අමුතුම කික් එකක්....
@ කුරුං ගුරුං, තැන්කූ මචං
@ ගීත්, තැන්කූ වේවා
@ බුවා, තැන්කූ වේවා

කිඩෝ said...

@ ටිමෝන්, අපි එහෙමයි කවදාවත් මුල අමතක කරන් නෑ...

Hasitha Gunasinghe said...

සිංහල බ්ලොග්කරණයේ දිග ගමනක් යන්න මගෙන් උණුසුම් සුභ පැතුම් මල්ලී :))

කිඩෝ said...

@ හසිත අයියා, තැන්කූ වේවා....

හිස් අහස said...

මමත් සුබ පතන්න එන්න පරක්කු උනා මල්ලියේ ! ඔහොම දිගටම ලියාගෙන යමු . තවම පටන්ගත්තා විතරයිනේ . ඔයවගේ දිගටම වේගෙන් ලියාගෙන ගියොත් දවසක හිතන්න බැරි තරම් සෙගක් මේ බ්ලොග් එකට ඒවි .. හැබැයි ඉතින් ඒවට ටිකක් කල් ගත වෙනවා .හදිස්සි වෙලා බෑ නතර කරන්නේ නැතුව දිගටම ලියමින් යන්න ..

මට පෝස්ට් පනහක් ලියන්න මාස 5 විතර ගියා ..ඒ අතින් උඹ නියමයි..

ජයවේවා කිඩෝ !!

කිඩෝ said...

තැන්කූ වේවා සදරු අයියා...

Sabith said...

උඹ මගුලක් කත කරනවා....මගේ බ්ලොගියට අවුරුද්දක් වෙනවා තව මාස දෙකකින්..තාම හිට්ස් 1500යි පස්සෙන් එන උන් 23යි..උඹ ඒ අතින් කොච්චර ඉස්සරහින් ද...? ඔබට ජය!

Podi Kumarihami said...

මටත් හිතුනා මගේ තියරිවලට එකඟ නොවෙන එක්කෙනා කවුද කියලා බලලා යන්ට.

මගෙනුත් සුබ පැතුම්!!!:D:D:D

සරත් ලංකාප්‍රිය said...

හද පතුලෙන්ම සුබ පැතුම්.. බොහොම දුර ගමනක් යන්න ශක්තිය දෛර්යය ලැබේවා..

Bindi said...

සුබ පැතුම් . කසු කියන්න වගේ බ්ලොග් එක මාකට් කරගන්න ඕන. ඒත් ඉගෙනීමේ වඩාත් එක්ක ඔයාට අමාරු ඇති. අපොයි වැඩිත් එක්ක කරලතියෙන වැඩ වයසට . ඔන්න මමත් එනවා මේ පැත්තේ . ජය ..හැකි නම් ලේඛන කලාවේ වෙන ඉසවු කරාත් යන්න බ්ලොග් වලට සිමා නොවී . ඇතිතරම් වයස තියෙනත් එකේ

සිතුවිලි නිහඬයි said...

සුභපැතුම් මල්ලි...දිගටම ලියන්න......

පන්සල් හංදිය said...

සමාවෙන්න ඕන මලයා මම දැනුයි මේ පෝස්ට් එක දැක්කෙ....
ඔන්න මුලින්ම මගේ සුබ පැතුම් කිව්වා ......

කිඩෝ කියන චරිතෙ මට මෑතකදි තමා සෙට් වුනේ, මම දන්න විදියට කිඩෝ ගැන කියනවා නම්, කවුරු අලුතෙන් මූණු පොතේ බ්ලොග් අවකාශෙට ආවත් ෆලෝ පාරක් නැතුව, කමෙන්ට් එකක් නැතිව යවන්නෙ නැති කොල්ලෙක් තමා කිඩෝ කියන්නෙ, ඔය ගති ගුණේ තියන අය බොහොම අඩුයි මේ බ්ලොග් අවකාශෙ, ඇත්තටම මම මල්ලිව අගය කරනවා ...........

ජයෙන් ජය ........

පොඩි මෑන් said...

ඇත්තටම ඇඩෙනව හොදේ.... ඔච්චර කට්ටක්නම් මටනම් කන්න බැරිවෙයි... බ්ලොග් කාරයෙක්ට නෙවෙයි ඕනෙම එකෙක්ට හොද ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්... කියල වැඩක් නෑ මචං...

මකුළු පැංචි (මංචි) said...

අනේ කිඩෝ මලේ....බොහොම සොරි වෙලාවට විශ් කොරන්ට බැරි වුණාට... කොහොම වුණත් කිඩා මල්ලි ඔයාට මකුළු පැංචිගෙන් උණුසුම් සුබ පැතුම්...පොඩ්ඩක්වත් වැහෙන්නෙ නැති කටක් තිබ්බට ඔයානම් ඇත්තටම හිතේ ඉරිසියාවක් නැති මල්ලියෙක්...
ඔයාට මතකදත් මන්දා..මකුළු පැංචිගෙ වියමනේමුල්ම ෆලොවර් කෙනෙක් ඔයා...ඊටත් වඩා වැදගත්ම දේ තමයි..මම බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෘපියට ආවහම එතනදි මාව සාදරයෙන් පිළිගත්තෙ ඔයා..ඉතින් එහෙම සුහදව කටයිතු කරන කෙනෙක්ට දිග ගමනක් යන්න බැරි කමක් නෑ...

හැබැයි දඟල දඟ්ල ඉන්නවා වගේම පාඩම් වැඩත් කරලා විබාගෙත් ගොඩ දාගන්න කොහොම හරිද...??
ඔන්න මංචිගෙන් උණුසුම් සුබ පැතුම් ආයෙමත්....... :D

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....