Pages

Sunday, July 3, 2011

ගාල්ලේ බ්ලොග් කරුවන්ගේ හමුව...

අද නං පට්ට ආතල් දවසක් ඕන්න අද තමා මට බ්ලොග් ලියන අය මුලින්ම හම්බ වුනේ... බුකියේ බස්වල චැට් කරලා තිබුනට කස්ටිය දැක්කේ අද තමා.... මුලින්ම කිව්වට මට කලින් කුරුංගුරුං ව නං හම්බ වුනා බද්දෙවිතාන සර්ගෙ පන්තියේදී... තව ටිකෙන් ඒකත් මිස් වෙනවා කෙහෙල්මල් වලියක් නිසා.... කොහොම හරි බනියා ඇතුලු කට්ටිය කතාකරගෙන තිබුනානේ ගිය සෙනසුරාදා සෙට් වෙන්න ඒත් එ වැඩේ හරිගියේ නෑ.... ඔන්න ආපහු Galle වැසියෝ ගෘපියේ චැටකින් කට්ටිය කතා කරගත්තා ආපහු සෙට් වෙන්න.... ඉතින් දිනයක් තැනක් නියම කරගන්න එක තමා කරන්න තිබුනේ... අන්තිමට ඉතින් කට්ටියත් එක්කම කතා කරලා දෙවනිදා උදේ 11ට ගාල්ලේ කොටුවේ ලයිට්හවුස් එක ගාවදි මීට් වෙන්න කතා කරගත්තා....


හෆ්ෆා මේකට නගින්නේ කොහොමද?

අවුලකට තිබුනේ දෙවනිදා මට පන්ති 9 ඉදන් 4 වෙනකං ඉතින් පන්ති ඉවරවෙලා 4ට එන්න තමා මම හිතාගෙන හිටියේ.... (එහෙම කරා නං මට කට්ටිය ගෙදර යනවා තමා බලන්න තිබුනේ).... කොහොම හරි දෙවනිදාට හිම හංසි අක්කා, ප්‍රාර්ථනා අක්කා බනියා අනිවාර්යයෙන්ම සෙට් වෙනවා කිව්වා ඒ වුනාට ඉතින් තුන්දෙනෙක් විතරක් ඇවිල්ලා වැඩක් නෑ නේ ඉතින් කට්ටිය Galle වැසියෝ ගෘපියේ මේ ගැන දැම්මා කැමති කට්ටියට එදාට එන්න කියලා.... 


ඔන්න ඉතින් කට්ටිය 12දෙනෙක් එනවා කියලා කිව්වා... ඉතින් අපේ සංවිධායකතුමා ඒ කියන්නේ බනියා සෙට් වෙන්න මුලින් හිතාගෙන හිටපු තැන (කොටුවේ ලයිට්හවුස් එක) කොටුවේ ඔරලෝසු කණුව විදිහට වෙනස් කලා... ඒ වගේම පහත දේවල් ගේන්න කියලත් කියලා තිබුනනේ...


කෑම එකට රු 150 ගෙන්න..
තව ෆොටොස් ගන්න ඔන්නම් කැමරා අම්පන්න :D
පුලුවන් කෙනෙක් ඉන්නවා නම් සංගීත වාදන භාන්ඩයක් ගෙන්න :D (වාදනය කරන්නත් පුලුවන් වෙන්ටොන හැබැයි ;)



ඔන්න ඉතින් මම ආසාවෙන් බලන් හිටපු දෙවනිදා උදා වුනා... ඉතින් උදේ 6ට නැගිටලා ආපහු 6.30 වෙනකං නිදාගෙන ලෑස්ති වුනා යන්න..... වෙන කොහෙවත් නෙවේ පන්ති... ඔන්න ඉතින් පන්තියේ 10 30ට ඉන්ටවල් දීපු වෙලාවේ මිස් හම්බවෙලා 12ට ලන්ච් අවර් එකේදී ශෝට් ලීව් එකක් දාන්න අවසර ගත්තා... 


දැන් ඉතින් කොලුවා 12ට පන්තියෙන් කැපිලා කොටුවට ආවා හා දැන් ඉතින් හොයපන්කෝ කට්ටිය කොහෙද කියලා... දුන්නා බනියට කෝල් එකක් කොහෙද ඉන්නේ කියලා අහන්න... හා කිඩෝ අපි මේ කවුතුකාගාරේ ඉන්නේ කියලා එන්න ඕනෙ පැත්තත් බනියා කිව්වා... හා ඕක හොයාගන්න එක මහලොකු වැඩක්යෑ ගියා ඉතින් වීරයා වගේ.... මෙන්න තියනවා බෝඩ් එකක් ජාතික කවුතුකාගාරය. හා කවුතුකාගාරෙටනේ එන්න කිව්වේ කට්ටිය ඇතුලේ ඇති කියලා හිතලා පඩි කමට කෝල් එකක්වත් නොදී රුපියල් 20 ටිකට් එකකුත් අරන් ගියා කවුතුකාගාරේ ඇතුලට...


ඔය ඉන්නේ කට්ටියම (බනියා කැමරාවට පිටුපසින්)
හුටා කට්ටිය කවුරුත් පේන්න නෑ නේ.. කපල් එකක් ඉන්නවා තව කපල් දෙකක් ඉන්නවා මම ඉන්නවා කවුතුකාගාරේ වැඩ කරන උන් දෙන්නෙක් ඉන්නවා කෝ බොල අපේ උන්... බැලුවා වටපිට ඔව් එච්චරයි ඉන්නේ.... ගත්තා ටාර් ගාලා කෝල් එකක් බනියට කෝබොල මූ කියන මෙලෝ දෙයක් පැහැදිලි නෑ... ආයෙක් ගත්තා ම්හු ප්‍රතිචාරයක් නෑ.... සික් බනියගේ ෆෝන් එකත් වැඩ නෑ නේ මුකුත් අහගන්න වෙන කෙනෙක්ගේ නම්බරේ දන්නෙත් නෑ.... රුපියල් 20 ටිකට් එකක් අරන් නිකං බැහැලා යන්නද බැලුවා මුලු කවුතුකාගාරෙම මුන් එන වෙලාවක එන්නෙ නැතෑ...


දැන් නං ඉතින් ඒකේ බලන්න තව මුකුත් ඉතුරු වෙලත් නෑ බැස්සා එලියට ආපහු කෝල් එකක් ගන්න ගමන් හා මෙන්න රිංග්ස් යනවා....


මම- අඩෝ බනී උබලා කොහෙද බන් ඉන්නේ මම මේ කවුතුකාගාරෙට ගියා කවුරුත් නෑ නේ
බනී- අපි මේ සමුද්‍ර කවුතුකාගාරේ උබ කොහෙටද ගියේ?
මම- අඩෝ මේ ජාතික කවුතුකාගාරේ කියලා තියෙන්නේ... කවුතුකාගාරේ කිව්වාම මම හිතුවේ මේක කියලා...
බනී- සමුද්‍ර කවුතුකාගාරෙට වරෙන්
මම- මේ පා‍රෙම නේද
බනී- ඔව්. ඔය කලුපාට ශර්ට් එකක් ඇදන් එන්නේ උබද? (වටෙන්- අත උස්සන්න කියපන්..) 
මම- (අත උස්සගෙන) ඔව් ඔව්....


ඔන්න ඔහොම තමා මම කට්ටියත් එක්ක සෙට් වුනේ... දැන් ඉතින් මම අරුන් ‍එන ඉස්සරහට යනවා මුං මගේ ඉස්සරහට එනවා මෙන්න බනියා එකපාරට "උබ නේද ඇර අමුඩ පෝස්ට් එක දැම්මේ.." කියාගෙන මගේ පස්සෙන් එලවගෙන ආවේ නැතැයි... මුකුත් නෑ මම හැරුනු ගමන් දිව්වා (හරියට නිකං මැඩගස්කර් 1 එකේ ඇලෙක්ස් මාටි පස්සේ එලවන සීන් එක වගේ) පස්සේ ඉතින් කට්ටිය කොටු බැම්ම උඩ වාඩිවෙලා තමන්ම හදුන්වා දුන්නා (2 වසරේ මයි සෙල්ෆ්) ඒ කිව්වේ තමන්ගේ නම බ්ලොග් එක බ්ලොග් කෙරුවාවට ආපුහැටි වගේ ඒවා... 


බ්ලොග් කරුවන් හදුන්වාදීම අතරතුර

කොහොම හරි ඒ වෙනකොට හිටියේ මම, ජනරංග අයියා, රිද්ම අයියා (පොඩි මෑන්), ප්‍රාර්ථනා අක්කා, හිමංශි අක්කා (හිම හංසි), ගයාන් කල්හාර අයියා ඇන්ඩ් අපේ බනී අයියා ඇතුලු සෙට් එක වත් අක්කා තව අක්කා කෙනෙක එක්ක ඇවිත් මොකක්ද පොත් නැවක් බලන්න ගියා කිව්වා... ඔන්න ඉතින් අපි හදුන්වාදීම් කරන අතරේ හුස්නි අයියයි කස් අයියයිත් ආවා... හනේ මේ අස්සේ හිම හංසි අක්කට බඩගිනි වෙලා අපි කමුකෝ අපි කමුකෝ ගගා කියනවා.. ඉතින් ගයාන් අයියයි මමයි ගියා කෑම ගේන්න...


ගයාන් අයියා ගත්තා මෑන්ස්ගේ ජනඅප්පිරිය බයික් රාජයයි ඌ අම්මගේ බඩේ ඉන්න කාලෙදිත් දාන් ගියයි කියන හෙල්මට් එකයි. මම ගත්තා හුස්නි අයියාගේ පුටාර් එක (හිටගෙන පදිනකොට වීසිවෙන ගතියක් නැත්තං ඒක පට්ට බයිසිකලේ) ගියා ඉතින් බත් එකක් (එකක් නෙවේ 9ක්) ගේන්න... ඉතින් එතන විනාඩි 20ක් විතර වාත වෙලා ආපහු එන්න ආවා බත් ටිකත් අරන් එතනදි මම ඉගනගත්තදෙයක් තමා ෆිෂ් රයිස් එකක් දාන්න යන වෙලාවට වඩා විනාඩි දෙක්ක් විතර වැඩියෙන් වැයවෙනවා චිකන් රයිස් 5ක් හා වෙජිටබල් රයිස් 2ක් දාන්න...


පේන්නැත්තං හොදට බලන්න ඔය කට්ටියම ඉන්නේ හුස්නි අයියගේ ලයිසිකලේ උඩ


කොහොම හරි අපි ආපහු එනකොට වත් අක්කා නැව බලලා ඇවිල්ලා.... ප්‍රමුක අයියත් ටික වෙලාවකින් ආවා කොහෙම හරි කට්ටිය කාලා ඉවරවෙලා නිකං ඉන්න බැරුවට හුස්නි අයියගේ බයිසිකලේටත් දස වද දීලා බීච් එක පැත්තට එන්න ආවා... ඔන්න ඉතින් බීච් එකටත් ඇවිල්ලා වත් අක්කට පින් සිද්දවෙන්න අයිස්ක්‍රීම් එකකුත් කාලා ගියා බීච් එකට ඉතින් බීච් එකෙත් ටික වෙලාවක් ඉදලා ආපහු ඇවිල්ලා සින්දුවක් එහෙම කියලා ඉන්නකොට අපි දන්නෙම නැතුව 4ත් පහු වෙලා.... ඉතින් වත් අක්කත් පරක්කුවෙනවා කියලා ගියා අපිත් ඉතින් තව විනාඩි 10ක් විතර ඉදලා කට්ටියගෙම ෆෝන් නම්බර්ස් හුවමාරු කරගෙන ගියා ස්ටෑන්ඩ් එකට


වත් අක්කා‍ගේ බලු කපුටු දානය

කොහොම හරි අද මම ගාල්ල පැත්තේ (මාතරත් ඇතුලත්) ඉන්න බ්ලොගර්ස්ලා කීපදෙනෙක් අදුනගත්තා ඇත්තටම බුකියේ චැට් කරනවට වඩා මූනට මූන හම්බවෙලා කතාකරන්න ලැබුනු එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි....


ප.ලි.


අන්තිම හරියේ ‍ගොඩක් සිද්දි මඩ ගනයට වැටෙන ඒවා මම මඩ ගැසීමෙන් තාවකාලිකව වැලකිලා ඉන්න නිසා ඒ ටික දැම්මේ නෑ...


ප.ප.ලි 


මේ ටිකේ පෝස්ට් එකක් වත් දාන්න බැරි වුනානේ.... අවුලක් නෑ ඉස්සරහට නිවාඩු....




ඔය ඉන්නේ කට්ටියම....

35 ක් හිතුනු දේවල් ලියලා....:

පොඩි මෑන් said...

උබ රු 20 දීල එක ටිකට් එකයි ගත්තෙ... මම 20 දීල එක කවිතුකාගරෙකටයි තව 50 දීල සමුද්‍ර කවුතුකාගාරෙටයි දෙකකට ගියා මුන් ටික හොයාගන්න... බනිය මහලොකුවට වීරය වගේ 4න් නම්බර් එක දැම්මට මෙලෝ රහක් නෑ... බැටරි ලෝලු... :(

ගල්මල්-Coral said...

සුබ පැතුම්! ඉදිරි කාළයේ හමුවකටවත් එකතුවෙන්න ලැබේවා පතනවා.

Dinesh said...

මමත් ඉතින් ඉපදුනේ ගාල්ලේ තමයි.. කට්ටිය හොද ෆන් එකක් අරන් තියෙනවා වගේ මේක දැක්කම...

Bunny said...

අඩෝ මට එක දිගට කිඹුහුම් ගියා.. මෙකේ බනියා බනියා කියවෙන ගාන වැඩියිනේ :D
හිටුකෝ මඩ ටික දාන්න මං :D

මකුළුවා..... said...

අම්මට සිරි මැක්සා ෆන් එකක් අරන වගේ කට්ටිය....හොඳා හොඳා.... :D

චතුමිතු said...

ඔන්න ඉතින් පොටොස් දාලා තියෙන නිසා අපිත් කස්ටිය අදුර ගත්තලු...:D

Anonymous said...

අපිට කිව්වම නරකයි....

මහේෂ් said...

ගාල්ලේ කොල්ලන්ගේ වැඩ දැක්කම අපිට අපේ තරුණ කාළෙ මතක් වුනා ...(ඔය කොටුව හරියෙ කරපු වැඩ .) . කොහොම වුනත් හොඳ උත්සාහයක් ඔය එකතුව මගින් තව තවත් වැදගත් දේ රටට අපට දේවි කියල මම බලාපොරොත්තු වෙනවා ..

මමත් ගාල්ලේ , ඒත් රාජකාරිමය ගැටළු නිසා ඔබ හමු වෙන්නට නොහැකි වුවත් දිරි පතනව ජීවිත ජය ගන්නට ...ඔබ සැමට

වෙලාවක් ඇතොත් ඇවිත් යන්න ..තවත් ගාල්ලේ බ්ලොග් එකක් මේ ..සමහර විට ඔබටත් වැදගත් වේවි ...
www.sonduru.tk

සංකල්ප said...

අන්තිම ෆොටෝ එකේ වත් අක්කා යාන්තමට පේනවා. කොහොමහරි කට්ටිය සෙට් වෙලා නේ. හොඳා හොඳා. ඉදිරිකාලයේදි කට්ටියම සංසදයේ ගෙට්ටුවේදි සෙට් වෙන්න බැරි යෑ.

සිත් අහස said...

මඩ නම් නොදැම්ම තරමට හොඳයි.. ඊලග පාර ඒ නිසා කිඩෝ මලයට මගේ ගානේ අයිස් කිරිමක් අරං දෙන්නංකෝ හොඳේ..

සිහින said...

මං උදේම බනියට බැන්න.. දැන් උඹට.. යකුනේ ඇයි තොපි අපිව දාල ගියේ...ඒ මදිවට උඩ පැනල පොටෝත් අරගෙන.හිටපල්ලකො අපිත් හොද ගෙට් එකක් සෙට් කරන්න.කවුද අර පුටාර් ඒක වීල් කරන්න ගිහින් ඇදගෙන වැටුනේ?????

කිඩෝ said...

දෙන්නෙක් වැටුනා බනියා ඇන්ඩ් පොඩි මෑන් හොදම වැටිල්ල බනියාගෙන්....

ප්‍රමුඛ said...

ආයෙත් දවසකට ගන්න ආතල් ඉතුරු වෙලා තියෙනෝ.. තව පොස්ට් 2 3 කටම මඩත් තියෙනෝ. ඔන්න ඔහේ ප්‍රතිපත්ති පැත්තකින් තියල මඩ ටික ගහල දාපන් කිඩෝ..

chamikawp said...

අප්පා දන්නවනම් මමත් එනවා!
මමත් ගාල්ලේ හින්දා....
ආපහු සෙට් වෙනවනම් කියන්න..
Galle වැසියෝ ගෘප් එක FB එකක්ද?

Unknown said...

බයික් එක හුස්නිගෙ නෙවෙයි මගේ යකෝ...!!! හි හි...

ADK කොලුවා said...

අනේ අපිටත් කට්ටිය සෙටර් වෙන්න ඔනී... කොලොම් තොට පැත්තේ ඔය වගේ එකක් කොරන්න බැරිය බොලාලට??

Anonymous said...

සුබ පැතුම් මල්ලි! ගොඩක් සුන්දර අත්දැකීමක්!

Anonymous said...

ඔබලාගේ තාරුණ්‍යයේ ඡවය තව තවත් දිදුලේවා !
ලෝකය අලුත්වන්නේ ඔබ වැනි අයගෙනි.
කැමති නම් මගේ kolayak.wordpress.com(මගේ කොළය)වෙත ගොඩවැදී ‍යන්න.
මම දැන් නැති වුනාට මගේ හදවත තවමත් ගාල්ලෙ යි.

ගයාන් කල්හාර said...

ෆිශ් රයිස් එකනං බං අර රැස්කි අක්කාගෙ හිතේ මංගැන තියෙන ලෙංගතුකම පිළිබිබු කරන්නක් නෙව.

සතියක් බඩගියෙ එහෙම නැතෙයි?

හිස් අහස said...

උඹලා නම් වාසනාවන්තයි . අපේ පලාතෙන්ම බ්ලොග් ලියන එකෙකුට ඉන්නේ මම විතරද කොහෙද ? ..

සරත් ලංකාප්‍රිය said...

පෙර දිනයක මා පෙම්කල යුවතියත් එක්ක ඔය කොටුවේ ගිය ගමන මතක් උනා. නියම ජොලියක් දාල නේද ?

D_C_M said...

බලාගෙන ගියාම වැඩකාරයො ඔක්කොම ගාල්ලෙ.......හොඳයි හොඳයි අපිටත් ඒක ආඩම්බරයක්..

Bindi said...

වාසනාවන්තයෝ . ඉරිසියාවේ බැහැ. හිටුකෝ වියට්නාමයෙන් බ්ලොග් ලියන්නෝ කියල මායි අලුත් කොල්ලයි වත් සුහද හමුවක් දා ගන්න ඕන. එකටත් ගනින්කෝ ඉතින් ඩොලර් 200 ක විතර ප්ලේන් ටිකට් එකක්

Anonymous said...

අප්පා ඉරිසියාවෙ බෑ බොලව්. ඉස්සර මාත් ‍රැයක් දවාලක් නැ‍ටුව කරක්ගහපු තැනක් නෙව. අවුරුදු තුන හතරකින්ම හරියකට කො‍ටුවෙ ඇවිදින්න බැරි උනා. මයෙ ඉස්කෝලෙ කොල්ලො ටිකකුත් ඉන්නව නේද, අර I LOVE කියල ටී එකක් එහෙම ඇඳන් ඉන්නෙ......

සුපර් මාරියෝ said...

හත්තිලව්වේ මලයො කියන්න එපැයි අපිත් ගාල්ලෙනේ... කසුන් කාරය මාත් එක්ක එක ඉස්කොලෙ හිටියේ... කිව්වනං අපිත් එනවනේ... ඊළග පාරවත් කියන්න හොදේ...

සුපර් මාරියෝ said...

@නවම් මාවත - ඔයත් ගාල්ල අග්‍රපාඨශාලාවේද??? :D

Anonymous said...

@ සුපර් මාරියෝ..

මොකක්ද බොලේ ඒ ඉස්කෝලෙ "අග්‍රපාඨශාලාව". මං අර ජූල්ගස් හන්දියෙ කන්ද උඩ ඉස්කෝලෙ බං.

පන්සල් හංදිය said...

ෂහ් එලනේ .....
පොඩි අඩියකුත් ගහන්න තිබ්බනං තමා හොඳ ......

සුපර් මාරියෝ said...

@නවම් මාවත - ඒකට තමයි බොල ගාල්ල අග්‍රපාඨශාලාව කියන්නේ...

ප්‍රියංක ‍පොටෝ said...

හම්බන්තොට බ්ලොග් කරැවනි මම ඔබලා අමතමි.අපි අපේම නිල බ්ලොග් එකක් හදමු (සින්ඩි‍යක් වගේ)

KusH said...

හොඳ වැඩක් යාලුවා කට්ටිය එකතු වෙච්ච එක.
කොටුව ගැන කියද්දි නම් මතක් වෙන දේවල් ගොඩයි.:D

මන්තරකාරි said...

ඔන්න ඕකට තමයි අසාධාරණත්වය කියන්නේ... ඔය කියනකන් Galle වැසියෝ ගැන හාංකවින්සියක් දැනගෙන හිටියෙ නෑ... අපිත් ගම ගාල්ලෙ තමා...අපිටත් කිව්වනම් නරකෙයි?

සිතුවිලි නිහඬයි said...

මාත් කියන්න...මන් දන්නෙත් නෑ ඔහොම දෙයක් තියනවා කියලවත්...නාකයි අපිටත්

ආදර වන්තයින්ගේ පාරාදීසය said...

බොල හම්බන්තොට බ්ලොග් ලියන්න ඉන්න මම විතරද කොහෙද

Anonymous said...

https://pupilvideo.blogspot.com

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....